Gossips

මහ බැංකුව තවත් චෝදනාවක් බැහැර කරයි

දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු වෙනස් කළ බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනවා.
එය සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම 2007 වසරේ සිට ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට පැවරී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.
ඒ අනුව ඇතැම් පාර්ශව මහ බැංකුව දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු වෙනස් කළ බවට එල්ල කරන චෝදනා ජනතාව නොමඟ යවන බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.