Gossips

මහ බැංකුවෙන් ප්‍රකාශයක්

රටේ සමස්ත මූල්‍ය ස්ථායීතාවය වෙත බලපෑම් කළ හැකි වෙළඳපොල සහ ආර්ථික අංශ පිළිබඳ අවධානය යොමුවන, සාර්ව විචක්ෂණ ප්‍රවේශයක වැදගත්කම හඳුනාගෙන ඇතැයි මහ බැංකුව පවසනවා.
මෙරට මූල්‍ය පද්ධතිය පෙරට වඩා සංකීර්ණ තත්ත්වයන්ට මුහුණදෙමින් පැවතීම ඊට හේතුවයි.
කෙසේ වෙතත් නිසි කළට ක්‍රියාත්මක කළ සාර්ව විචක්ෂණශීලී ක්‍රියාමාර්ග නිසා පසුගිය වසරේ මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වාගැනීමට හැකිවූ බවද මහ බැංකුව සඳහන් කළා.