Gossips

මහ බැංකුවෙන් අලුත් වැඩපිළිවෙලක්

වෙළඳපොල සහ ණය කළමනාකරණය වැඩිදියුණු කිරීමට නව ක්‍රියාමාර්ග කිහිපයක් මේ වසරේදී ක්‍රියාත්මක කරන බව මහ බැංකුව ප්‍රකාශ කරනවා.
පසුගිය වසරේ සක්‍රීය වගකීම් කළමනාකරණ පනත ක්‍රියාත්මක කිරීමත් සමඟ ඊට අවශ්‍ය පසුබිම සකස් වී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.
මේ වනවිටත් අනාගත ණය ලබාගැනීම් සඳහා, වගකීම් කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාවට නංවා ඇති අතර, ණය ලැබීම් ඒ සඳහාම වෙන් කෙරුණු ගිණුමක් තුළ පවත්වා ගැනීමට ද අපේක්ෂිතයි.