Gossips

මහ දවල් කතරගම අලියා කුලප්පු වෙයි

කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේ සිටි අලියෙකු කුලප්පු වීමත් සමඟ ඊයේ දහවල් උණුසුම් තත්වයක් ඇතිවූවා.
කතරගම කිරිවෙහෙර අභයාරාම විහාරස්තානයේ සිටින භානු නම් අලියා මෙලෙස කුලප්පු වී ඇති බවයි වාර්තා වූයේ.
ඊයේ දහවල් 12 ට පමණ අලියා ස්නානය සඳහා ඇත්ගොව්වා විසින් රැගෙන ගොස් තිබෙනවා.
එහිදී එක්වරම කුලප්පු අලියා කිරිවෙහෙර පුදබිමේ ඒ මේ අත දිවගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ වනවිට පුදබිමේ සිටි බැතිමතුන් ද කලබලයට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් ඇත්ගොව්වා විසින් දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව අලියා මෙල්ලකරගැනීමට සමත්ව තිබෙනවා.
මේ හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවූ අතර සිද්ධිය වූ අවස්ථාවේ දර්ශන පෙළක් පහතින්.