Gossips

මහ කන්නයේ සහල් නිෂ්පාදනයේ වර්ධනයක්

මේ වසරේ මහ කන්නයේ මෙරට සහල් නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් මිලියන 2.4 දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 62කින් වර්ධනය වනු ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය වසරේ මෙරට වී වගාව දැඩි නියඟයකට මුහුණ දුන් අතර, මේ වසරේ සහල් නිෂ්පාදනය ද මහකන්නයේ සාමාන්‍ය අස්වැන්නට වඩා සියයට 14කින් අඩු වනු ඇති බව දෙපාර්තමේන්තුවේ අදහසයි.
මේ වසරේ මහකන්නයේදී හෙක්ටයාර හයලක්ෂ 43,161ක වී වගා කොට තිබෙනවා.