Gossips

මහේලගෙන් කලකට පසු සුපිරි ශතකයක්

අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ දඹුල්ල කණ්ඩායම සමග පැවැති පළමු තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුනු 04ක තියුණු ජයක් හිමිකරගැනීමට කොළඹ කණ්ඩායම ඊයේ (02) සමත්වුණා.
ජයග්‍රහණය සදහා ලකුණු 271ක ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායම පන්දුවාර 39කදී ලකුණු කඩුලු 06කට 262ක් ලබා සිටි අවස්ථාවේ අයපහත් කාළගුණික තත්වය හේතුවෙන් තරගය නතර කළ අතර ඒ වන විට ලකුනු 04ක් ඉදිරියෙන් සිටි කොළඹ පිළට ජය හිමිවුණා.
ආරම්භක කඩුලු 02 ලකුණු 31ක් තුළ දැවී ගියත් එක් අන්තයක හුදකලා ඉනිමක් දියත් කළ ළහිරු තිරිමාන්න සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැදවාගෙන යමින් නොදැවී ලකුණු 107ක් රැස් කිරීමට සමත්වූවා.
පන්දු 99කදි වාර්තා වූ තිරිමාන්නගේ එම ඉනිම එක් හයේ පහරක් හා හතරේ පහර 10කින් අලංකාර විය.
කණ්ඩායමට ඉතා ඉක්මනින් ලකුණු අවශ්‍යම මොහොතේ පිටියට පැමිණ තිසර පෙරේරා වේගවත් ඉනිමක් දියත් කරමින් හයේ පහර 02ක් හා හතරේ පහර 03ක් සමගින් පන්දු 15කදී ලකුණු 32ක් රැස් කළ අතර සචිත්‍ර සේරසිංහ යැවූ ඉනිමේ 35වැනි පන්දුවාරයට ලකුනු 26කින් සංග්‍රහ කිරීමටද තිසර සමත්වීම විශේෂත්වයක්.
පළමුවෙන් පහරදුන් දඹුල්ල පිළ කඩුලු 06කට ලකුණු 270ක් ලබාගැනීමට සමත්වූවා.
අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් පන්දුවාර 40කට සීමාවු මෙම තරගයේ කාසිය වාසිය දිනු කොළඹ පිල පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පැමිණි දඹුල්ල පිළේ ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක් එක්කිරීමට සමත්වූ අතර දක්ෂ පිතිහරඹයක නිරත වූ නායක කුසල් ජනිත් පෙරේරා පන්දු 40කදී හයේ පහර 02ක් හා හතරේ පහර 08ක් සමගින් වේගවත්ල කුණු 59ක් එක්කිරිමට සමත්විය.
අශාන් ප්‍රියන්ජන් හයේ පහර 02ක් හා හතරේ පහ 03ක් සමගින් ලකුණු 50ක් හා සචිත්‍ර සේරසිංහ ලකුනු 40ක් ලබාගනිමින් දස්කම් දැක්වූවා.
අවසන් භාගයේ පිටියට පැමිණි මිලින්ද සිරිවර්ධන වේගවත් ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 29කදී එක් හයේ පහරක් හා හතරේ පහර 05ක් සමගින් නොදැවී ලකුනු 51ක් ලබාගත්තා.
කොළඹ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ඩිල්රුවන් පෙරේරා හා තිසර පෙරේරා කඩුලු 02ක බැගින් බිද දැමුවා.
මේ අතර ඊයේ පැවති අනෙක් තරඟය ජයගන්නට මහනුවර කණ්ඩායම සමත්වුණේ ගාල්ල කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුනු 28කින් පරාජය කරමින්.
මේ තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල පිල පන්දුවාර 35.4කදී සියලු දෙනා දැවී ලකුණු 250ක් රැස් කිරීමට සමත්වූවා.
රෝශේන් පන්දු 59ක් තුළ අගනා ලකුනු 55ක් රැස්කල අතර සම්මු අශාන් එක් හයේ පහරක් හා හතරේ පහර 06ක් සමගින් ලකුණු 72ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මහනුවර කණ්ඩායම අයහපත් කාලගුණය හේතුවෙන් තරඟය නතර කරන විට පන්දුවාර 30කදී කඩුළු 2ක් දැවී ලකුණු 217ක් ලබා සිටියා.
එහිදී කළකට පසු පිටියේ අණසක පතුරමින් මහේල උඩවත්ත ලකුණු 116 ක් රස්කරගැනීම කැපී පෙනුනා.
නිරෝෂණ දික්වැල්ල ලකුණු 75යි.