Politics Sri Lanka

මහේන්ද්‍රනුත් උදයංගගේ අඩි පාරේම – නිවසෙන් පැන යයි

මහේන්ද්‍රනුත් උදයංගගේ අඩි පාරේම – නිවසෙන් පැන යයි

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පදිංචි බවට ලබාදී තිබූ සිංගප්පූරු ලිපිනයේ ඔහු නොමැති බව අධිවේගී තැපෑල් කුරියර් සේවය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය කළ නියෝගය අධිවේගී තැපෑල ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට බාරදීමට උත්සහ කළ අවස්ථාවේදී මහේන්ද්‍රන් මහතා සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කළ නියෝගය අඩංගු නොතිසිය මහෙන්ද්‍රන් මහතා පදිංචිව සිටින අංක 201 cascaden road. # 18-1 the tamlison Singapore 2497726 නිවසට අධිවේගී තැපෑල ඔස්සේ බාරදෙන ලෙස අධිකරණ විසින් නියෝග කර තිබිණි.

එම නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළත් මහෙන්ද්‍රන් මහතා අදාළ ලිපිනයේ නොමැති බව එම කුරියර් සේවය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ලංකාදීප