Gossips

මහේන්ද්‍රන් ගෙන්වන්නැයි නිදහස් පක්ෂයෙන් අගමැතිට බලපෑම්

බැඳුම්කර ගණුදෙනුවට අදාළ නඩු කටයුතුවලදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණයට ඉදිරිපත් නොවුනහොත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට ඇපකරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් වීමට සිදුවන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
‘‘දැන් අද ආණ්ඩුවේ ඉන්න පසුපෙල දේශපාලනඥයෝ ප්‍රහාර එල්ල කරන්නේ අපිට නේද තමුන්සාන්සේලා දැකල තියෙනවා ද රිලා නටවනවා දැකල තියෙනවා. රිලා.. ජංගියක් අන්දවලා පොඩි කෝට් එකක් දාලා. අර පොල්ලක් දීලා ගහන්න කියනවා පොඩි කරනමක්. අයිතිකාරයා. කිව්වාම උඩ කරනමක් ගහනවා. අනිත්පැත්තට කැරකෙන්න කිව්වාම ඒ පැත්තට කැරකෙනවා. හිනා වෙන්න කිව්වාම විරිත්තනවා. මේවගේ තමයි මොගොල්ලොත්. ටෙලිෆොන් කෝල් 162 ක් දිල හිටන් අර්ජුන් ඇලෝසියස්ට මොන විශ්වාසනීයත්වයක් ද ? පොත් ලියලා ෆුට් නෝට් ගහලා. මේ ඔක්කොගෙන්ම අදහස් කරන අය මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ. මේ කොමිෂන් වාර්තාවේ තියෙන බර හෑල්ලූ කරන්න හදනවා. දැන් ඉතින් අඩු කවුද ඔතන පළවැනි තුන්දෙනාගෙන්. අර්ජුන මහේන්ද්‍රන්. එයාව ගෙන්වපු අයම දැන් ගෙන්වලා දෙන්න ඕනා උසාවියට.
ප්‍රශ්නය : අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයා ගෙන්න ගන්න බැරිවුණොත්.
පිළිතුර : චූදිතයා එන්නැත්නම් ඇපකරු රිමාන්ඞ් වෙනවා ජනතාව අතර.
ප්‍රශ්නය : මෙතන ඇපකාරය අගමැතිතුමයි මුදල් ඇමතිතුමයි.?
පිළිතුර : අනිවාර්යෙන්ම ඒ දෙන්නනේ නිර්දේශ කරලා දුන්නෙ මූල්‍ය පනත අනුව. මම දැක්කා මාධ්‍ය මගින් වාර්තා කරලා තියෙනවා මේ ඉදිරිපත් නොවීම සඳහා නෛතික පසුබිම හොයනවා කියලා. ඒක නෙවෙයි කරන්න තියෙන්නෙ. ’’