බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවට වෙනත් ගැටළු සම්බන්ධයෙන් රට තුළ මතයක් ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ආණ්ඩුවෙන් ඉවත් වූ දහසයේ කණ්ඩායම චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
