Gossips

මහියංගනයේ පියෙකු සහ දියණියක සියදිවි හානිකර ගැනීමට හේතුව පවුල් ආරවුලක්

මහියංගනයේ පියෙකු සහ දියණියක, සියදිවි හානි කර ගැනීමට හේතුව පවුල් ආරවුලක් බව අනාවරණය වී තිබෙනවා.
මෙලෙස සියදිවි හානි කරගෙන තිබුණේ 31 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 11 හැවිරිදි දියණියයි.
ඇයගේ මව මීට වසර දෙකහමාරකට පමණ පෙර ඔවුන් අතහැර දමා ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මහියංගනයේ පිහිටි ඔවුන්ගේ නිවස තුළ තිබී මළ සිරුරු හමුවූ අතර, මූලික පරීක්ෂණවලදී හෙලි වී ඇත්තේ වස පානය කිරීමෙන් මෙම මරණ සිදුවූ බවටයි.
මහියංගනය රෝහලේදී අද (31) පස්වරුවේ සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෙම සිද්ධිය පිළිබඳව නිශ්චිත නිගමනයක් ඉදිරිපත් කළ හැකි බව පොලීසිය සඳහන් කළා.