Gossips

මහියංගනයේදී අවසන් ගමන් ගිය එකම පවුලේ සියලු දෙනා නුවරඑළියේ ඉතිරි කර ආ මතකය රටම හඩවයි

මහියංගණය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණය ජාතික පාසල ඉදිරිපිටදී වෑන් රථයක් බස් රථයක ගැටී අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබුණා.
මෙම අනතුරින් මියගිය දසදෙනා පවුල් තුනක සාමාජිකයන් බවයි අනාවරණ වී ඇත්තේ.
මඩකලපුවේ – දවුබාර් පෙදෙසේ සහ රත්නම් පාරේ පදිංචි මෙම පිරිස නුවරඑළියේ සංචාරයක නිරතවී ආපසු පැමිණෙමින් සිටියදියි අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් ලිස්ටර් ඇලෙක්සැන්ඩර් නැමති 32 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ 27 හැවිරිදි බිරිඳ සහ වයස අවුරුදු 4 ක් වන නිවුන් දැරියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණා.
එසේම ප්‍රින්ස් හෙඩි‍්‍රක් නැමති 48 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ සහ දියණිය සහ පුතුද මෙම අනතුරින් මියගොස් තිබෙනවා.
එසේම තවත් දියණියක් සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ජෝෂප් රැලින්ටන් නැමති 56 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
වෑන් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සැකපල කරන්නේ.
කෙසේ වෙතත් මෙම මාරක අනතුරු සිදුවීමට පෙර ඔවුන් විසින් නුවරඑළියේ සංචාරය අතරතුර ගත් ඡායාරූප කිහිපයක්ද අප වෙත ලැබී තිබෙනවා.