Gossips

මහියංගණය වියානි ඇළට සුඛෝපභෝගී ජීප් රථයක් පෙරළෙයි

බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් අද අලූයම මහියංගනය – මාපාකඩවැව 17 කණූව අසලදි වියානි ඇළට පෙරළී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ ජීප් රථය පොළොන්නරුව – හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට අයත් එකක් බවයි.
අදාළ ව්‍යාපාරිකයා කතරගම බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් පොලීසිය සහ ප්‍රදේශවාසීන් මැදිහත්ව අදාළ ජීප් රථය ගොඩට ගෙන ඇති නමුත් එහි කිසිවෙකුත් සිට නැහැ.