Gossips

මහියංගණය නගරයේ වෙළඳසැළකින් පුද්ගල මළ සිරුරක් සොයාගැනේ

මහියංගණය නගරයේ අතහැර දමා තිබූ වෙළඳසැලක තිබී හඳුනා නොගත් පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
ප්‍රදේශවාසියෙකුගේ දැනුම්දීමකට අනුව අද(30) උදෑසන සොයාගත් මෙම මළ සිරුර දැඩි ලෙස නරක්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එය වයස අවුරුදු 50 ත් 60 ත් අතර පිරිමි පුද්ගලයෙකුගේ බවට හඳුනාගෙන තිබෙනවා.
මළ සිරුර ආසන්නයේ තිබී හිස් මත්පැන් බෝතලයක් සහ වස බෝතලයක්ද සොයාගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.