Gossips

මහින්ද සහ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ලබන අඟහරුවාදා පැවැත්වෙනවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිළ නිවසේදියි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සිදුවූ හමුවේදී පැමිණි එකඟතා සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ගැනෙන බවයි.