Gossips

මහින්ද වටා බලවේග රැස් කරන බව 16 කණ්ඩායම කියයි

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දහසයේ කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණ අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා.
ඒ පිටකෝට්ටේ පිහිටි නිදහස් පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදියි.
මේ සඳහා නිදහස් පක්ෂ දහසයේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුලූ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාගැනීම ඇතුලූ කරුණු කිහිපක් ගැන එහිදී සාකච්ඡා කළ බවයි.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් කියා සිටියේ ඉදිරි මැතිවරණය සඳහා පුළුල් පෙරමුණකින් තරග වදින බවයි.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන පුළුල් සන්ධානය වටා සියලූදෙනා ගොනු කිරීම දහසය දෙනාගේ කණ්ඩායමේ කාර්යභාරය බවද ඔහු සඳහන් කළා.