Gossips

මහින්ද රාජපක්ෂ සහ ඇමති මණ්ඩලයට එරෙහි අතුරු තහනම ඉවත් නොකෙරේ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම වෙනස් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර තිබෙනවා.
එමෙන්ම විශේෂ අධිකරණයක් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගන්නා ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් එම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය, ඊවා වනසුන්දර, බුවනෙක අලූවිහාරේ, විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලූණු අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ.
මේ අතර මෙම පෙත්සම් විභාගය ලබන වසරේ ජනවාරි 16 17 සහ 18 දිනවලදී කැඳවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.