Gossips

මහින්ද රජය යටතේ ජනාධිපති ධුරය ඉවත් කිරීමට සැරසෙන වාසු

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුවත් මහින්ද රාජපක්ෂ රජය යටතේ ජනාධිපති ධුරය ඉවත් කිරීමට කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ කොළඹදී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මේ අතර, අමාත්‍යධුර වලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනා සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ පවසනවා.