මහින්ද පිළ සුපුරුදු ප්රචණ්ඩත්වය අතට ගනියි – පොලීසියේ සහායත් මැරයන්ට
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු මහින්ද පිළේ ආධාරකරුවන් විසින් ඔවුන්ටම ආවෙනික සුපුරුදු ප්රචණ්ඩ ක්‍රියා ආරම්භ කර තිබේ.
මෙහි එක් සිදුවීමක් ඊයේ (16) පස්වරුවේ සපුගස්කන්ද විදුලිබලාගාර මංසන්ධියේදී සිදුව ඇත.
එම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සේවය රැකියාව කරන 25 හැවිරිදි තරුණයෙකු ඔහුගේ දේශපාලන මතයට අනුව යම් ප්‍රකාශයක් සිය ෆේස්බුක් ගිණුමේ සටඑන් කර ඇති අතර එයට උරණවූ මහින්ද පිළේ පිරිසක් කඩු, පොලු සමග ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින් පිරිසක් මෙම තරුණයාට පහරදී තිබේ.
පහරදීමට පැමැණි මැර පිරිස සුදු පාට wp KR 8350 අංක දරණ රථයෙන් පැමිණ ඇති අතර මැරයන් විසින් එම තරුණයාව පැහැරගෙනයාමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය එල්ල වී ඇති අතර පසුව පහරදුන් පිරිසම තරුණයා රැගෙන පොලීසියට පැමිණ ඇත.
එහිදී පොලීසිය එම තරුණයා රෝහල් ගත කර පහරදීම සිදුකළ පුද්ගලයන් නිදහස් කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවූ බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් ඊයේ සපුගස්කන්ද පොලීසිය ඉදිරියට පැමිණ විරෝධතාවයකද නිරත වී ඇත.
පසුගිය කාලය මුළුල්ලේම සපුගස් කන්ද පොලිස්ථානය තුළදී නීතිය අවභාවිතා කරමින් අත්අඩංගුවට ගත් තරුණයන්ට අඩත්තේට්ටම් සිදු කිරීම, ප්‍රබල දේශපාලනඥයන්ට සහායතාව දැක්වීම ඇතුළු චෝදනා ගණනාවක් එල්ල විය.
එමෙන්ම මහින්ද රාජපක්ෂ පාලන සමයේ මළුමනින්ම ඔවුන්ට එරෙහිව ප්රබලව නැගුණු චෝදනාවක් වූයේ ප්රචණ්ඩත්වය වැපිරීම සහ සුදුවෑන්වලින් පැහැරගෙන යාමයි.
කෙසේ නමුත් යළිත් වරක් පළාත් පාලන ආයතනවල වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගත් මහින්ද පිළ සුපුරුදු මැර ක්‍රියාවල නිරතවීමට පටන් ගෙන ඇති බවත් ඔවුන් අන් දේශපාලන මතයට ගරු නොකරන බවත් මෙමගින් තහවුරු වෙමින් තිබේ.