Politics Sri Lanka

මහින්ද පිලේ ජාතිවාදය ඇවිස්සීමෙන් උතුරේ ගොවියාගේ වී අලෙවි කිරීමත් අඩ පන වෙලා

මහින්ද පිලේ ජාතිවාදය ඇවිස්සීමෙන් උතුරේ ගොවියාගේ වී අලෙවි කිරීමත් අඩ පන වෙලා

බදුල්ලේදී පසුගියදා බස් රථයක අත් බෝම්බයක් පිපිරීයාමේ සිද්ධිය පාදක කරගෙන ඒකාබද්ධ විපක්ෂය රට තුළ ගෙනයන භීතිය විසින් උතුරේ ගොවි ජනතාවගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටළු මතුවී ඇති බවත්, මේ පිලිබදව ආණ්ඩුව විධිමත් පරීක්ෂණයක් සිදුකර රටට පැහැදිලි පණිවිඩයක් ලබාදිය යුතු බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් අද (25) දඹුල්ලේ දී කැඳවා තිබු මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට එම සම්මේලනයේ ජාතික සන්විධයක් නාමල් කරුණාරත්න, උප සභාපති සුසන්ත කුමාර නවරත්න, ලේකම් ටි.ඩි.සරත්, ජාතික කමිටු සාමාජික සුනිල් රණවීර යන මහත්වරුන් එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නමල කරුණාරත්න මහතා

“මේ වනවිට උතුරු ප්‍රදේශයේ වී අස්වනු නෙලීම ආරම්භෙවලා තියෙන්නේ. රට තුළ ඇතිවී තිබෙන ව්‍යාකුල තත්වයත් සමග දකුණේ පිරිස් උතුරු ප්‍රදේශයේ වී ඇතුළු ගොවි නිෂ්පාදන මිලදී ගැනීමට ඉදිරිපත් නොවීම් හේතුවෙන් වී කිලෝවක මිල රුපියල් 20, 25 දක්වා පහත වැටිලා.

විමල්ලා, ගම්මන්පිලලා ජාතිවාදය, ආගම්වාදය වැනි අවස්ථාවාදී ක්‍රියාවන් මතු කරමින් බිල්ලෙකු මවා පානවා. පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කතා කරපු අය ගැන ආණ්ඩුව වහාම සොයා බැලිය යුතුයි. මෙම බෝම්බ පිපිරිම සිංහල ජාතික හමුදා භටයෙකු අතින් සිදුවූ බවට මාධ්‍ය වාර්තා පලවෙලා තියෙනවා. මේ බෝම්බ පිපිරිම දෙමළ ජාතික හමුදා සෙබලෙකු අතින් සිදු වූවා නම් තත්වය කෙබඳුවේද ?

නිසි කලට වේලාවට පොහොර ටික ලබාදීමට ආණ්ඩුව අපොහොසත්වීම හේතුවෙන් වී අස්වනු අඩුවෙලා. ඒ වගේම වී මිලත් මේ වනවිට රුපියල් 20-25 දක්වා අඩුවෙලා. නමුත් සහල් මිල අඩුවෙලා නැහැ. මේ නිසා පාරිභෝගිකයා පිඩාවට පත්වෙලා. උඳු මිල කිලෝව රුපියල් 60 දක්වා අඩුවෙලා. දේශීය අර්තාපල් කිලෝවට රුපියල් 60ටත් අඩුමිලක් තියෙන්නේ. දේශීය ඉඟුරු කිලෝව රුපියල් 250යි. දේශීය ගොවියා නිෂ්පාදනය කරන සියල්ල ආනයනය කරනවා. මේ වනවිට සහල් මෙට්‍රික් ටොන් අට ලක්ෂයක් ආනනයනය කර තිබෙනවා.

මෙරට සිටින අති බහුතරය ගොවි ජනතාව. චන්දය භාවිතා කිරීමේදී ඔවුන්ගේ හැසිරීම ගැන කණගාටුයි. හැබැයි එහෙම වුනා කියල අපි ගොවි ජනතාවගේ ගැටළු පිලිබදව නිහඩව ඉන්නේ නැහැ.

මැතිවරණයේ ප්‍රතිඵලයට කැමති වුනත් නැතත් අපි ඒ ප්‍රතිඵලය පිලිගන්නවා. මහින්ද අගමැති කරන්න තම පොහොට්ටුවට චන්දය දුන්නේ. දැන් මහින්ද අගමැතිකම එපා කියනවා. විපක්ෂ නායකකම් දෙන්න කියනවා. රනිල්ගේ අගමැති ධුරය රැකලා දෙන්නේ මහින්ද. පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් කරන්න පුළුවන් නිත්‍යානුකුල ක්‍රමවේදය අනු ගමනය නොකර වෙන්ත් දේ පෙන්නන්නේ රනිල්ගේ අගමැතිකම ආරක්ෂා කර දෙන්න.

අද දේශපාලන අර්බුදය සමනය කරගන්න කැබිනට් සංශෝධනයක් ගෙනෙනවා.

රටේ ආර්ථිකය බරපතල අර්බුදයකට ලක්වෙලා. රටතුළ ව්‍යාකුල තත්වයක් නිරමනයවෙලා. ඒක මඟ හරවා ගන්න තමා කැබිනට් සංශෝධනය ගෙනෙන්න්නේ දැන් රූපය වෙනස් කරලා අර්බුදයෙන් ගැලවෙන්න බලනවා. ඔලු ගෙඩි මරු කරා කියලා මේ තියෙන අර්බුදයෙන් ගොඩ එන්න බැහැ.

කැබිනට් සංශෝධනයෙන් පස්සේ විවිධ උත්සව. කාර්ය මණ්ඩල වෙනස් කිරීම්, පිළිගැනීම් උතසව, මහා නායක හිමිවරුන් බැහැ දැකීම, විවිධ පන්සල්, පල්ලි , කෝවිල් කරා ගොස් අශිරවද ලබාගැනීම ආදී නොයෙකුත දේ බලා ගන්න ජනතාවට පුලුවන් වේවි. ඊට පස්සේ තමා රට සංවර්ධනය කරන සැලසුම් හදන්නේ. එවිට ඉතිරි අවුරුදු දෙක ඉවරයි. යලිත් ජනාධිපතිවරනය එනවා. පොඩි ළමයි මැරිගෝ රවුන්ඩ් එකේ යනවා වාගේ කැරකිලා කැරකිලා නවතින්නේ යලිත් හිටපු තැන තමයි.”

සුස න්ත කුමාර නවරත්න මහතා

“පසුගිය මැතිවරණයේදී ගොවි ජනතාව අලුත් බලපොරෝත්තු ඇතිකර ගත්තා. වගා කන්න හතරක් අහිමිවුණා ගොවි ජනතාව මේ වනවිට සියලු බලාපොරොත්තු සුන්කරගෙන කබලෙන් ලිපට වැටිලා. අද ඔවුන් ජිවත්වෙන්න් මඟක් නැතිව කුලී කම්කරුවෝ වෙලා. වගා අහිමිවූ ගොවීන්ට රජයෙන් ලබාදුන්නා සහන මල්ල මේ වනවිට ලබෙන්නේ නැහැ. රුපියල් 2500ක සහන මල්ල ලබාදෙන්න කියල අපි අවධාරණය කරනවා. වී මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් වහාම ඇතිකර ගොවි ජනතාවගේ වී අස්වනු සදහා සාධාරණ මිලක යටතේ මිලදී ගන්න ක්‍රමයක් ඇතිකරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

කිරි ගොවියාගේ මුදල් නිසි පරිදි ලැබෙන්නේ නැහැ. ආනයනික කිරි එළදෙනුන් යලිත් වරක් ඇති හැකි අය බෙදා ගෙන. කිරි හරකුන් 3000ක් ගෙන්නලා විජිත් විජිතමුණි ඇතුළු අය බෙදා ගෙන. එම කිරි ගවයින් කිරි ගොවීන්ටත් බෙදා දෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”

ටි.ඩි.සරත් මහතා

“ජනාධිපතිවරයා වසර තුනකට පෙර කතාකලේ කාබනික පොහොර මුලික කරගත් ගොවිතැන ගැන. නමුත් ආණ්ඩුවේ තකතීරු තීරණ මත පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදෙන්න තීරණය කළා. එම ක්‍රමය අසාර්ථකයි කියල අපි දිගින් දිගටම පෙන්වා දුන්න. අදවන වනවිට වෙලදපොලේ මිලදී ගන්න තියෙන යුරිය ප්‍රමිතියෙන් තොරයි. අපි වගකිමෙන් කියන්නේ. අද ගොවීන්ට සිද්ධවෙලා තම වගාවන්ට නිසි ප්‍රතිපල ලබන්න යුරියා පොහොර නියමිත ප්‍රමාණය මෙන් දෙගුණයක් යොදන්න. රසායනික පොහොර භාවිතය වැඩිවෙලා. වෙලදපොලේ තියෙන පොහොර ගුණාත්මක බවෙන් අඩුයි. මේ නිසා පොළොවේ ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය අඩපන වෙලා. ජනතාව මාරාන්තික වකුගඩු, පිලික වැනි රෝග තත්වයන්ට ගොදුරුවෙලා.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් නොකර ඔලු ගෙඩි මාරුකරලා විසදුම් ලැබෙන්නේ නැහැ. ජලය, පොහොර, ගොවි නිෂ්පාදන මිලදී ගන්නා ක්‍රමවේදයන්වල වෙනස්කම් අවශ්‍යයි. කෘෂිකර්ම ඇමති වෙනස් කළ පමණින් ප්‍රාතිහාර්ය පාන්න බැහැ, ගොවි ජනතාව මෙම යථාර්තය අවබෝධ කරගත යුතු වෙනවා.”