Gossips

මහින්ද කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

මහින්ද රාජපක්ෂ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
මොරටුව ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනතාවද මේ වනවිට ඔහු තෝරා අවසන් බවයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳවද මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිළි කළා.