තම පවුලේ ආරක්ෂාව පිළිබඳ රජය මීට වඩා සැළකිලිමත් විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
අමාත්‍ය මංගල සමරවීර, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයකින් සිදුකර තිබූ අදහස් දැක්වීම පිළිබඳවද මෙහිදී හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළා.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ද මැදිහත්වුණා.
