Gossips

මහින්ද අවිශ්වාසයෙන්

පළාත් සභා මැතිවරණය ආණ්ඩුව පවත්වන්නේ යැයි තමාට විශ්වාස කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
දෙවිනුවර උපුල්වන් ශ්‍රී විශ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාවට ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
ආණ්ඩුව මැතිවරණ ගැන පැවසූ විට බියෙන් වෙව්ලන බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී සදහන් කළා.
එමෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් බැහැදුටුවා.
ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් ඇසළ පෙරහර නැරඹීමට ද එක්වුණා.