Gossips

මහින්ද අගමැති කිරීමට අගෝස්තු 2 වැදගත් – වාසුදේව නානායක්කාර

ආණ්ඩුවට එරෙහිව අගෝස්තු 2 වැනිදා කොළඹදී පැවැත්වෙන විරෝධතාවයේ සාර්ථකත්වය මත මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සදහා පසුතලය සැකසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
අදාළ විරෝධතාව පිළිබද දැනුවත් කිරිම සදහා කොළඹ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කළා.
පරගැති ආණ්ඩුව පන්නන ජනබල සේනා නමින් ආණ්ඩුවට එරෙහි විරෝධතාවක් ඒකාබද්ධ විපක්ෂය වෘත්තීය සමිති සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් සමග එක්ව ලබන බ්‍රහස්පතින්දා කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.