Gossips

මහින්දානන්ද අලුත්ගමගේ FCID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2014 වසරේ රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අද (16) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා.