Gossips

මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදාහැරේ

රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී රුපියල් 35,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විදෙස්ගතවීම ද තහනම් කර තිබෙනවා.
2014 වසරේ රජයේ මුදල් රුපියල් මිලියන 53ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඞ් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා.
එහිදී ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ.