Gossips

මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි මූල්‍ය දූෂණ නඩුව නව ත්‍රිපුද්ගල මහාධිකරණයට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවරා ඇති නඩුව ඉදිරියේදී පිහිටුවීමට නියමිත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැදවීමට අගවිනිසුරුවරයා ඉල්ලීමක් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ, ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ලක් සතොස හරහා ආනයනය කරන ලද රුපියල් කෝටි 4කට අධික දාම් සහ කැරම් බෝඩ් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඔහුට එරෙහිව නඩු පවරා තිබුණා.
නඩුව වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 04 වන දා දක්වා කල් තැබීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.