Gossips

මහින්දානන්දට සහ සතොස හිටපු සභාපතිට චෝදනා ගොනු කරන්නැයි නියෝග

හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේට සහ සතොස හිටපු සභාපතිවරයෙකු වන නලින් ප්‍රනාන්දුට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද (02) අල්ලස් කොමිසමට නියෝග කළා.
ඒ, පසුගිය රජය සමයේ රුපියල් කෝටි 5කට අධික කැරම් බෝඩ් තොගයක් සතොස හරහා ක්‍රීඩා දෙපාර්තමේන්තු වෙත මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
එහිදී මහේස්ත්‍රාත්වරයා සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට වැඩිදුරටත් නියෝග කළේ මාර්තු 5 වන දා ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.