Gossips

මහින්දානන්දට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම කල් යයි

රුපියල් ලක්ෂ 29 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේට එරෙහි ගොනුකර තිබූ නඩුවේ සාක්ෂි විමසීම මැයි මස 2 වනදා දක්වා කල් දමනු ලැබුවා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිතියට අයත් මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
අධිකරණයේදී කරුණු දක්වමින් එම වෘත්තීය සමිතියේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ නාවලගේ ඩග්ලස් කියා සිටියේ 2012 වසරේදී අමාත්‍යවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබාදී ගිණුම් 3 කට ලක්ෂ 29 ක් තැන්පත් කරන ලෙස ප්‍රකාශ කළ බවයි.
ඒ අනුව, හිටපු අමාත්‍යවරයාගේ ගිණුමට ලක්ෂ 14 ක්, කාර්යාල නිලධාරියාගේ ගිණුමට ලක්ෂ 05 ක් සහ ආරක්ෂක නිලධාරියාගේ ගිණුමට ලක්ෂ 10 ක මුදලක් බැර කළ බවයි ඔහු සදහන් කළේ.