Gossips

මහින්දානන්දට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 6 වනදා ඇරඹේ

රුපියල් ලක්ෂ 39ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 06 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න අද(27) දින නියම කළා.
නඩුව කැදවූ අවස්ථාවේදී මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තියට අවශ්‍ය ලේඛන කිහිපයක් ලබාදෙන ලෙසටයි.
ඒ අනුව මෙම සිද්ධියට අදාලව දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් 2015 ජනවාරි මස 30 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලේ පිටපතක් සහ ඉදිරිපත් කළ ලේඛණ 148ක් විත්තියට ලබාදෙන ලෙසද විනිසුරුවරයා නියෝග කළා.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තිය සමිතියට අයත් මුදල් මෙලෙස සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රිවරයාට එරෙහිව චෝදනා එල්ල වනවා.