Gossips

මහින්දගේ විසඳුම, මහ මැතිවරණයක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අදහස් සැළකිල්ලට ගෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ්.ඩී.ලාල්කාන්තගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු අද අනුරාධපුරයේදී මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය අතර මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බවට රාවයක් පවතින බව මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.
ඊට පිළිතුරු ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ එවන් සාකච්ඡා නොපැවැත්වෙන බවයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දිගින් දිගටම පහළ යාම පිළිබඳවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වූවා.
ඒ අනුව ඊට එකම විසඳුම කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම බව ඔහුගේ අදහස වූයේ.
මීට අමතරව ඉදිරියේදී සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා, එමඟින් මේ මොහොතේ කිසිදු ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකි බව ප්‍රකාශ කළා.