Politics Sri Lanka

මහින්දගේ මන්ත්‍රී ප්‍රසන්න සුපුරුදු මැර බලය පෙන්නයි

මහින්දගේ මන්ත්‍රී ප්‍රසන්න සුපුරුදු මැර බලය පෙන්නයි

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැලණිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා සිය නිවසෙන් පැන ගොස් ඇතැයි වාර්තා වේ.

පොලිසිය මගහරිමින් සැඟවී සිටින ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ පහරදීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (01) පොලිස් කණ්ඩායමක් මන්ත්‍රීවරයාගේ නිවසට ගියද ඒ වනවිටත් ඔහු නිවසෙන් පලා ගොස් සිටි ඇත.

පසුගිය 28 වැනිදා රාත්‍රියේ කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විදුහල ආසන්නයේ පිහිටි නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයෙකු මෙලෙස පහරදී තිබුණේ ජගත් ප්‍රසන්න ගමගේ නැමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයාටය.

පහරකෑමට ලක්වු පුද්ගලයා මේ වනවිට කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ වනවිට ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සිය ජංගම දුරකථනයද විසන්දි කර දමා ඇතැයි පැවසේ.