Gossips

මහා සිනමාවේදියාට අවසන් ගෞරව දැක්වීමට අදත් විශාල පිරිසක්

හෙළයේ මහා සිනමාවේදී, අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් ආගමික නායකයන්, මහජන නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියා.
ඔහුගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිත බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
අද ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද පැමිණියා.