Gossips

මහා මැතිවරණයක් ඉල්ලා අධිෂ්ඨාන පූජාවක්

පවතින දේශපාලන අර්බුදය පිළිබඳ මේ වන විට සමාජයේ පුළුල් කතා බහක් ඇති වී තිබෙනවා.
එහිදී ඇතැම් පාර්ශ්ව කියා සිටින්නේ අර්බුදයට ඇති හොඳම විසඳුම කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම බවයි.
කඩිනමින් මහා මැතිවරණයක් ඉල්ලා ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී දේශප්‍රේමී බොදු පදනම ඇතුළු පිරිසක් අධිෂ්ඨාන පූජාවක් සිදුකළා.
මේ අතර යුක්තියට හඬක් සංවිධානය පැවත් වූ මාධ්‍ය හමුවට එක්වෙමින් තිලකරත්න දිල්ෂාන් ද ප්‍රකාශ කර සිටියේ රටේ පවතින දේශපාලන ගැටලුව විසඳීමට මහ මැතිවරණයක් අවශ්‍ය බවයි.