Gossips

මහා බාධක කොරල් පරය මරණය අභියස

ලෝකයේ කොරල් පරවලින් හතරෙන් එකක් ඇතුළත් කිලෝමීටර් 2300ක් දුරට පැතිරුණු ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක් වන ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය නුදුරේදීම මිය යනු ඇති බවට පරිසරවේදීන් අනතුරු අගවනවා.
විශේෂයෙන් වසර 45ක් පුරා මහා බාධක කොරල් පරයේ සැරිසැරූ දැනට 73 වන වියේ පසුවන ජෝන් චාලි වර්නන් පවසන්නේ එහි අභාවය ආසන්නයට ළඟා වී ඇති බවයි.
සමුද්‍රවේදීන් කොරල් පරවල දෙව්පියන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන, ජෝන් චාලි වර්නන් පෙන්වා දෙන්නේ මිහිතලය උණුසුම්වීමත් සමඟ ඇති වන කාලගුණ වෙනසින් එය සීග්‍රයෙන් විනාශයට පත්වෙමින් පවතින බවයි.
2016 සහ 2017 වසර වල ඇති වූ උණුසුම් දිය රල හේතුවෙන් එය ඛාදනය වීම තවත් කඩිනම් වී තිබෙනවා.