Gossips

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු – මොහොමඩ් සිද්දික්ට ඇප

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මොහොමඩ් සිද්දික් හෙවත් කුඩු සිද්දික් අද ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කළා.
2014 ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ කෝටි 52ක මුදලක් හෙරොයින් ජාවාරම හරහා උපයා ගැනීම යන වරද මුල් කර ගනිමිනුයි මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට චෝදනා ගොනු කර තිබුණේ.
වසර තුන හමාරක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි මොහොමඩ් සිද්දික් මුදා හැරුණේ රුපියල් ලක්ෂ 10ක මුදලක් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
එමෙන්ම ඔහුට විදේශගතවීම තහනම් කිරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මසකට දෙවරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළා.