Gossips

මහාශිවරාත්‍රී දා තුන්වන තට්ටුවෙන් ඇදවැටුණු දරුවා දෙවියන් විසින් රැකගත් හැටි

හාස්කමකින් මෙන් වයස අවුරුදු 2ක කුඩා දරුවෙකුගේ දිවි බේරුණු අවස්ථාවක් ගැන මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්වලින්.
එහි තට්ටු තුනකින් යුක්ත ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සෙල්ලම් කරමින් සිටි දරුවෙකු සමබරතාව ගිලිහී යාම හේතුවෙන් මෙලෙස බිම ඇදවැටී ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
මෙම දරුවා ප්‍රථමයෙන් එම ගොඩනැගිල්ල ආසන්නයේ ඇති අධිබලැති විදුලි රැහැනක් මතට වැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව ඒ අසල මාර්ගයේ ගමන්කරමින් සිටි කාන්තාවක් මතට වැටෙන දරුවා බිම ඇදවැටෙනවා.
කෙසේ වෙතත් මෙතරම් බරපතළ අනතුරක් සිදුවුවද දරුවාට කිසිදු බරපතල හානියක් සිදුව නොමැති අතර එය දෙවියන්ගේ හාස්කමක් බවයි ඉන්දියානුවන් විශ්වාස කරන්නේ.
මෙම අනතුර සිදුව ඇත්තේ පසුගියදා මහාශිවරාත්‍රී දිනයේ වීම හේතුවෙන් ඔවුන් පවසන්නේ ශිව දෙවියන්ගේ බැල්ම මෙම දරුවා වෙත තිබූ බවයි.