මහාමාර්ග හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය කාරක සභා අවස්ථා ඡන්ද විමසීමේදී ඊයේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 84 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.
විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ ඊට විරුද්ධව ඡුන්දය භාවිත කළා.
මේ අතර, අයවැය දෙවන වර කියවීමේ 15 වන දින විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනීම ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකෙරුණා.
