Gossips

මහාබාධක කොරල් පරය රැකගන්න ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන 379 ක් වෙන් කරයි

ලොව විශාලතම කොරල් පරය ලෙස සැළකෙන ඕස්ට්‍රේලියානු නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් වූ මහාබාධක කොරල් පරය සංරක්ෂණය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 500 ක් එනම් ඇමරිකානු ඩොරල් 379 කට වැඩි ප්‍රමාණයක් වෙන් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
විශේෂයෙන් කොරල් පරයට තාරකා මත්ස්‍යයන්ගෙන් එල්ලවන තර්ජනය අවම කිරීමටද එහි අරමුණක්.
අභ්‍යකාශයේ සිටද දැකිය හැකි වර්ග කිලෝමීටර තුන්ලක්ෂ හතලිස් අටදහසක පැතිරුණු මහා බාධක කොරල් පරය 1981 වසරේදී ලෝක උරුමයක් ලෙසද නම් කෙරුණා.