Gossips

මහානාම ක්‍රිකට් ගැන කථා කරයි

ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වය පිළිබඳව රටේ ජනතාව නිසි අවබෝධයකින් පසුවන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා.
කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
‘‘ ප්‍රශ්නය – ඔබතුමා කොහොමද ඉදිරියේදී ක්‍රිකට්වලට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවාද ?
පිළිතුර – මම ඉදිරිපත් වෙන්නේ නෑ කිසිම දේකට මට අවංක වාතාවරණයක් නැතුව මට වැඩ කරන්න බැහැ. හැබැයි මට ආරාධනාවක් ලැබුණොත් රටේ ඉහළම තැනින් මේ ගැන කල්පනා කරලා බලලා අපිට යම් දෙයක් කරන්නයි කියලා ඒ අවස්ථාවේදී මං කල්පනා කරනවා. අපි එනවානම් පර්මනට් සොලූෂන් දාන්න තමයි එන්න ඕන. යම් පුද්ගලයින් කියනවා මට වගකීමක් භාරදෙන්න බෑයි කියලා. මං කැමතියි ඒ පුද්ගලයින් කිව්වානම් මට වගකීමක් භාරදෙන්න බැරි මට අවංකව වැඩ කරන්න වාතාවරණයක් හදලා දෙන්නේ නැති නිසාද නැත්නම් මට වැඩක් කරන්න බැරිකමට ද කියලා. මට වැඩක් බැරි කමක් නම් නැහැ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ මට අවුරුදු 12 ක් වැඩ කරන්න පුළුවන් වෙයි කියලා.
ප්‍රශ්නය – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන පැහැදීමකට පත්වෙන්න පුළුවන්ද ?
පිළිතුර – මට පැහැදීමකට පත් වෙන්න පුළුවන් කොහොමද මුළු රටේම පුද්ගලයින්ට පැහැදීමකට පත් වෙන්න බැරිකොට. මේකේ තිරණ ගන්න වෙන්නේ අපි ක්‍රීඩා කරපු සුළු කොටසකට නෙමෙයි. මෙවැනි තිරණ ගන්න පුළුවන් රටේ ඉහළම ස්ථානවල ඉන්න පුද්ගලයින්ට පමණයි. ඔවුන්ට තේරුම් ගන්න ඕන. ඔවුන් පැහැදීමකට පත්වෙනවාද අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දැන් තියෙන තත්ත්වය ගැන. මම මෙතනින් මේ සාකච්ඡාව නතර කරන්න කැමැතියි අපේ රටේ මහජනයාට තේරෙනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා’’