මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන මස 02 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් ශානක කලන්සූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිළධාරින් අධිකරණයට වාර්තාවක් ද ඉදිරිපත් කරනු ලැබුවා.
