Gossips

මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ යළි රක්ෂිත බන්ධනාගාරයට

මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මේ මස 20 දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔහු අද තෙල්දෙණිය දිසා විනිසුරු ශානක කලන්සූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අමිත් වීරසිංහට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 3 න් 2 කට අද රුපියල් 10,000 බැගින් සහ ලක්ෂ 10 ක ශරීර ඇප 6 ක් මත මුදා හැරුණා.
කෙසේ වෙතත්, අනෙක් චෝදනාවක් යටතේ ගොනුකර ඇති නඩුවකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වීම හේතුවෙනුයි ඔහු යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.
එමෙන්ම මහනුවර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැණුනු තවත් සැකකරුවන් 10 දෙනෙකුට අධිකරණය විසින් අද ඇප ලබාදී තිබෙනවා.