Gossips

මහසෝන් බලකායේ ප්‍රධානියා සී.අයි.ඩී.යට

මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
මෙම ප්‍රකාශය ලබාදීම සඳහා අද දිනයේ පැමිණෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අමිත් වීරසිංහ වෙත මීට පෙර දැනුම්දී තිබුණා.
ඒ අනුව මේ වනවිටත් ඔහුගෙන් අදාළ ප්‍රකාශය ලබාගනිමින් සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.