Gossips

මහසෝන් බලකායේ ප්‍රධානියා ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 21 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරුවන් තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් වරුණි යාපාරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය නිළධාරින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එමෙන්ම, මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් රංගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් ද ලබන 21 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.