මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්රධානී අමිත් වීරසිංහ ඇතුළු 35 දෙනා මේ මස 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔවුන් අද පෙරවරුවේ තෙල්දෙණිය මහේස්ත්රාත් එම්. එච්. ෆරික්ඩීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ මහසෝන් බලකායේ ප්රධානී අමිත් වීරසිංහ අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරය වෙතත් සෙසු සියලූ දෙනා පල්ලෙකැලේ – දුම්බර බන්ධනාගාරය වෙතත් යලි රැගෙනගොස් තිබෙනවා.
මහනුවර පොලිස් කොට්ඨාශයේ ප්රදේශ කිහිපයක අනර්ථකාරී ක්රියා සිදුකිරීම සහ ජනවාර්ගික ගැටුම් ඇති කිරීම ඇතුළු චෝදනා 05ක් යටතේයි මොවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ.
