Gossips

මහසෝන් බලකායේ ප්‍රධානියා යළි රිමාන්ඩ්

මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කළහකාරී ක්‍රියා සම්බන්ධයෙන් මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 18 දෙනා ලබන 23 වනදා දක්වා අද (10) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්. පරික්දීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
වෙළඳසැලක් ගිනි තැබීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මොවුන්ගෙන් 10 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු මස 4 වනදායි.
මෙම සිද්ධියට සම්බන්ධ ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන් අනතුරුවයි.
නඩුව අද(10) පෙරවරුවේ කැදවූ අවස්ථාවේදී මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහගෙන් අධිකරණ භූමිය තුලදීම ප්‍රකාශයක් ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරයා තෙල්දෙණිය පොලිසියට අවසර ලබාදුන්නා.