Gossips

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 28 දෙනා යලි රිමාන්ඩ්

මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කළහකාරී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 28 දෙනා මැයි මස 02 වනදා දක්වා අද (23) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්. ෆරික්ඩීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
සැකකාර අමිත් වීරසිංහ මේ වනවිට අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටින අතර අනෙක් 27 දෙනා පල්ලෙකැලේ දුම්බර රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටින බවයි අප වාර්තාකරු කියා සිටියේ.
දිගන ඇතුළු ප්‍රදේශ කිහිපයක අනර්ථකාරී ක්‍රියා සිදුකිරීම සහ ජනවාර්ගික ගැටුම් ඇති කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අමිත් වීරසිංහ ඇතුළු 18 දෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර එම පිරිසට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුද ඇතුලත්.
තෙල්දෙණිය ප්‍රදේශයේ වෙළඳසැලක් ගිනි තැබීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ තවත් 10 දෙනෙකු පසුගිය මාර්තු මස 04 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.