මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනා මැයි මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් අද (02) තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්.ෆරික්ඩීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අද (02) දිනයේදීත් නඩු විභාගය කැඳවූ අවස්ථාවේදී ඔවුන්ගේ ඥාතීන් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
