Gossips

මහවිරු සැමරුම් ගැන යුද හමුදාපති කතා කරයි

උතුරේ මිය ගිය දෙමළ ජනතාව සිහිපත් කිරීම ගැටළුවක් නොවූවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් මහවිරු දිනයක් හෝ වෙනත් සැමරුමක් සිදුකරන්නේ නම්, ඒ පිළිබදව සැලකිලිමත් විය යුතු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
ලබන 10 වන දාට යෙදෙන යුද හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර ජයශ්‍රී බෝධිය අභියස හමුදාවේ සියළු ධජයන්ට සෙත් පැතීම අද සිදුවුණා.
එම අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ.