Gossips

මහවැවේ සැඟව ගිය මවගේ සහ දියණියගේ ජීවිත

කුරුණෑගල – කොබෙයිගනේ – සුබසෙතගම මහවැවේ දියනෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (13) පස්වරුවේ ඔවුන් දියේ ගිලී ඇති බවට පොලිස් හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුව සිදුකළ සොයා බැලීමකදී මොවුන්ගේ සිරුරු හමුවී තිබෙනවා.
චිත්‍රාංගනී නමැති වයස අවුරුදු 40ක කාන්තාවක් සහ මානවී හංසිකා නමැති වයස අවුරුදු 10ක් වන ඇයගේ දියණිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි මොවුන් මීට අවුරුදු එක හමාරක පෙර නිවසක ගෘහ සේවය සඳහා කොබෙයිගනේ ප්‍රදේශයට පැමිණ ඇති බවයි.
මෘත ශරීර මේ වන විට නිකවැරටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (14) දින සිදුකිරීමට නියමිතයි.