Gossips

මහවැලි සංවර්ධන අධිකාරියේ මුතුවැල්ල ඒකකයේ නිලධාරියෙකු අල්ලස් දැලේ

මහවැලි සංවර්ධන අධිකාරියේ වැලිකන්ද සිංහපුර කොට්ඨාශයේ මුතුවැල්ල ඒකකයේ කළමනාකරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි සඳහන් කළේ රුපියල් 20,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ඔහු පදිංචි මහවැලි අධිකාරියට අයත් ඉඩමක අවශ්‍ය බලපත්‍ර සකස් කර දීම සහ ඊට අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහායි මෙලෙස රුපියල් 20,000ක මුදලක් ඉල්ලා ඇත්තේ.
ඒ අනුව කාර්යාලය තුළ දී මෙම අල්ලස් මුදල ලබා ගැනීමේදි මහවැලි සංවර්ධන අධිකාරියේ වැලිකන්ද සිංහපුර කොට්ඨාශයේ මුතුවැල්ල ඒකකයේ කළමනාකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.